කුළුගෙඩියකින් පහරදී සිය අනියම් භාර්යාව මරා දමා සැඟවී සිටි හිටපු සිවිල් ආරක්ෂක භටයෙකු අත්අඩංගුවට ගත් බව වාර්තා වේ. මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ යගම්වෙල මණ්ඩකොණ්ඩාන දුම්මලසූරිය කොහු මෝලක සේවය කරමින් සිටි මල්විල සේනපුර වැලිකන්ද ලිපිනයේ පදිංචි පුද්ගලයෙකි.
මෙයට පෙර මෙම සැකකරු සිය බිරිඳ වෙනත් අයෙකු සමඟ නිදි යහනේ සිටිනු දැක ඇගේ ගෙල වෙන් වන සේ මන්නයකින් කපා ඝාතනය කිරීමටද සැකකරුවෙක් බව පොලිසිය කියයි. බිරිඳ සමඟ සිටි පුද්ගලයාගේ දෙඅත් වෙන්ව යන ලෙස මොහු මන්නයෙන් පහර දී ඇති අතර ඔහු දිව ගොස් දිවි බේරාගෙන ඇත.
මේ සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන ක්‍රියාත්මක වෙමින් පැවතියදී මෙම සැකකරු අනියම් බිරියද ඝාතනය කර වෙන්නප්පුව ප්රදේශයේ කොහු මෝලක සේවය කරමින් සිටියදී අත්අඩංගුවට ගැනීමට පොලීසිය සමත් වී ඇත. සැකකරු අනියම් බිරිය ඝාතනය කර එම ප්රදේශයෙන් පලා විත් නාත්තන්ඩිය, මාරවිල ආදී ප්රදේශවල කොහු මෝල්වල සේවය කර ඇති බවට ද කරුණු ඉදිරිපත් වී ඇතැයි පොලීසිය කියයි.