වත්මන් හා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී-ඇමැති ප්‍රබලයන් ඇතුළු දේශපාලකයන් 28කගේ වත්කම් පිළිබඳව නීතිවිරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය මගින් විමර්ශනයක් අරඹා තිබේ. මේ පිරිස අයථා ලෙස ඉපැයූ බව කියන මුදල් යොදවා දේපොළ මිලට ගෙන ඇති බවට ලද පැමිණිලි අනුව රහස් පොලිස් පරීක්ෂණ ක්‍රියාත්මක වන බව සඳහන්.
නාමල් රාජපක්ෂ, මහින්ද යාපා අබේවර්ධන, මහින්ද අමරවීර, චාමර සම්පත් දසනායක, රෝහිත අබේගුණවර්ධන, පවිත්‍රා වන්නිආරච්චි, කංචන විජේසේකර, සාගල රත්නායක, ජානක තිසකුට්ටි ආරච්චි, වජිර අබේවර්ධන, මහීපාල හේරත්, අනුර ප්‍රියදර්ශන යාපා, මනූෂ නානායක්කාර, වඩිවේල් සුරේෂ්, තුෂාර සංජීව පතිරණ, හර්ෂණ රාජකරුණා, ශානක්‍ය රාසමානික්‍යම්, ශිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන් හා ශාන්ත අබේසේකර යන දේශපාලන ප්‍රබලයන් මේ පිරිස අතර සිටිතැයි සඳහන්.
හිටපු ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතාගේ දේපළ සම්බන්ධයෙන් ද නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය මගින් විමර්ශනයක් ආරම්භ කර තිබේ.
අයථා මුදල් මගින් දේපොල උපයාගෙන ඇතැයි හෙළිදරව් වුවහොත් ඒවා රජයට පවරාගෙන නෛතික කටයුතු සිදු කරන බව සඳහන්.