රක්ෂිත බන්ධනාගාර ගතකර සිටි ජාතික ලොතරැයි මණ්ඩලයේ හිටපු අධ්‍යක්ෂ තුසිත හල්ලොලුවට ඇප හිමිව තිබේ.
ඔහු අද (20) පෙරවරුවේ කොටුව ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මහේස්ත්‍රාත්වරයා විසින් මෙම නියෝගය ලබා දී ඇත.
ජාතික ලොතරැයි මණ්ඩලයට අයත් රජයේ වත්කම් සාපරාධී ලෙස අයථා ලෙස පරිහරණය කිරීම සම්බන්ධයෙන් අධිකරණය හමුවේ විභාග වෙමින් පවතින නඩුවක් සම්බන්ධයෙන් ඔහු රක්ෂිත බන්ධනාගාර ගත කර තිබුණි.
මහේස්ත්‍රාත්වරයාගේ නියෝගය මත හල්ලොලුව මහතා රුපියල් ලක්ෂ 2ක බැගින් වූ ශරීර ඇප 2ක් මත මුදාහැර ඇති අතර, ඔහුට විදෙස් ගමන් තහනමක් ද පනවනු ලැබීය.