/ Jun 21, 2025

නි. ඇමැති ආචාර්ය හර්ෂණ ඉල්ලා අස් වෙයි!

පාර්ලිමේන්තු මන්ත්‍රී, මුදල් සහ ක්‍රම සම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම සිය මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස් වූ බව පාර්ලිමේන්තු මහලේකම් කාර්යාලය සඳහන් කරයි.

ජාතික ජනබලවේගය පක්ෂයෙන් ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයෙකු ලෙස පාර්ලිමේන්තුවට පත් වූ ඔහුගේ ඉල්ලා අස්වීම ඊයේ (20)  දින සිට බලපැවැත්වෙන බව වාර්තා වේ.

ආචාර්ය හර්ෂණ මුදල් අමාත්‍යංශ ලේකම්වරයා ලෙස වැඩ බාර ගැනීම වෙනුවෙන් මෙසේ සිය ධුරයෙන් ඉල්ලා අස් වූ බව සඳහන්. වර්තමාන මුදල් අමාත්‍යංශ ලේකම් මහින්ද සිරිවර්ධන මෙම මස අගදී සිය ධුරයෙන් විශ්‍රාම යනු ඇති.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top