/ Jun 22, 2025

ඇමරිකාව ඉරානයට පහරදීම අරඹයි: තත්වය සංකීර්ණ වන ලකුණු

America begins attacking Iran

ඉරාන – ඊශ්‍රායෙල් යුද ගැටුම් මැද ඇමරිකා එක්සත් ජනපදය ද ඉරානයේ න්‍යෂ්ටික මධ්‍යස්ථාන තුනකට ප්‍රහාර එල්ල කර අතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මෙම ප්‍රහාරවලට ඇමරිකානු රහසිගත B2  බෝම්බ හෙළන යානා යොදයා ඇතැයි රොයිටර් වාර්තා කළේ ය. මෙම ගුවන් යානා ඇමරිකාවේ එකම බංකර් විනාශකරන බෝම්බ රැගෙන යන යානා වෙයි. ප්‍රහාරයෙන් පසු එක්සත් ජනපද ජනපතිවරයා පවසා තිබුණේ ගුවන් යානා ආරක්ෂිත බවයි.

ඉරානය අවසන් සටනට සැරසෙන බවත්, කුමේනි සිය අනුප්‍රාප්තිකයා පවා නම් කර ඇති බවත් සමහර මාධ්‍ය වාර්තා පළ විණ. ඒ අතර රුසියානු ජනපති පුටින් පවසා තිබුණේ, ඉරානයේ න්‍යෂ්ටික අවි නිෂ්පාදනය සිදු නොවෙන බවත් බලශක්තිය සඳහා න්‍යෂ්ටික කටයුතු කිරීම යුක්තියුක්ත බවත් ය.

කෙසේ වෙතත්, ඊශ්‍රායෙලය, ලෙබනනය ඇතුළු රටවල් ගණනාවක මෙම ප්‍රහාරයන්ට එරෙහිව ජනතාව වීදි බැස තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top