/ Jun 23, 2025

“පොල් දෙසතිය” යාපනයෙන් වැඩ අරඹයි

පොල් වගාවට හානිකරන සුදු මැස්සා ඇතුළු පළිබෝධකයින් මර්දනය කිරීම සඳහා පොල් වගා කිරීමේ මණ්ඩලය “පොල් දෙසතිය” නමින් වැඩපිළිවෙලක් ආරම්භ කර තිබේ.

එහි පළමු අදියර ලබන මස 14 වැනිදා යාපනය ප්‍රදේශය කේන්ද්‍ර කරගනිමින් ආරම්භ කිරීමට නියමිත බව සඳහන්.

පොල් වගා කිරීමේ මණ්ඩලයේ සභාපති වෛද්‍ය සුනිමල් ජයකොඩි සඳහන් කළේ, විශේෂයෙන් සුදු මැස්සාට විසඳුමක් ලෙස යාපනය දිස්ත්‍රික්කයේ සියලුම පොල් ගස් වතුර ස්ප්‍රේ කර සෝදා හැරීමට කටයුතු කරන බවයි. ඒ සඳහා අවශ්‍ය පිරිස් බලය සහ යන්ත්‍ර සූත්‍ර සුදානම් කිරීම මේ දිනවල සිදුකරන බව ද ඔහු වැඩිදුටත් පැවසීය.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top