මාතලේ මහ නගර සභාවේ බහුතර බලය කිසිදු පක්ෂයට හිමි නොවීම හේතුවෙන් මධ්‍යම පළාත් පාලන කොමසාරිස් චමිලා අතපත්තුගේ සහභාගීත්වයෙන් නගරාධිපතිවරයෙකු හා උප නගරාධිපතිවරයෙකුත් තෝරා පත්කර ගැනීම සඳහා ඡන්ද විමසීම අද (23) පැවැත්විය.
එහි දී මාතලේ මහ නගර සභාවේ නගරාධිපති ලෙස ජාතික ජන බලවේගය නියෝජනය කළ අශෝක කොට්ටහච්චි තේරී පත්ව තිබේ.
ඒ, ඡන්ද 12ක් හිමිකර ගනිමින් ය.
උප සභාපතිවරයා ලෙස ලෙස කම්කරු කොංග්‍රසය නියෝජනය කළ එම්. මෝගන් නිතරගයෙන් තේරී පත්ව ඇත.
කෙසේ වෙතත් ඡන්ද විමසීම ආරම්භ වී සුළු වේලාවකින් පසු සමගි ජන බලවේගය ඇතුළු මන්ත්‍රීවරුන් 10 දෙනෙකු ඡන්දය වර්ජනය කර රැස්වීම් ශාලාවෙන් පිටව ගොස් තිබේ.
ඉන් අනතුරුව සභාවේ ඝණ පූර්ණය සිටින බැවින් පළාත් පාලන කොමසාරිස්වරිය විසින් රහස් ඡන්දයක් පවත්වා නගරාධිපති හා උප නගරාධිපති තෝරා පත් කර ගැනීම සිදුකරගෙන ඇතැයි වාර්තා වේ.
සභාව වර්ජනය කළ මන්ත්‍රී කණ්ඩායම ප්‍රකාශ කර සිටියේ, පළාත් පාලන පනතට පටහැනිව සභික ධූරයක් දැරීමට නොහැකි මන්ත්‍රීවරියක් සභාවේ සිටින බැවින් ඇයට විරුද්ධව ඔවුන් සභාවෙන් පිටව යන බවයි.