/ Jun 24, 2025

කොටහේනේ දිවි නසාගත් දැරියගේ විමර්ශනය: පොලිසියට නියෝගයක්!

The death of the Kotahena girl

පසුගිය දා ආන්දෝලනයට ලක් වූ කොටහේන ප්‍රදේශයේ පාසල් සිසුවියක් ලිංගික අපයෝජනයට ලක් කළේ යැයි කියමින් ගුරුවරයෙකුට එරෙහිව ගොනුකර ඇති පැමිණිල්ලේ විමර්ශනවල ප්‍රගතිය ජුලි මස 07 වනදා දැනුම් දෙන ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය පොලීසියට නියම කර ඇත.

ඒ එම පැමිණිල්ල ඊයේ (23) අධිකරණයේදී විභාගයට ගැනුණු අවස්ථාවේදීයි.

එහිදී විමර්ශන සිදු කරන සිදුකරන උතුරු කොළඹ ළමා හා කාන්තා කාර්යාංශය අධිකරණයට දැනුම් දුන්නේ මියගිය දැරියගෙන් සහ තවත් සිසුවියන් තිදෙනෙකුගෙන් ප්‍රකාශ සටහන් කරගත් බවයි. අමතරව ගුරුවරියකගෙන්ද ප්‍රකාශ සටහන් කර ගත් බව පැවසුණි.

විමර්ශනවලට අදාළ කරන දර්ශන ඇතුළත් පාසලේ ආරක්ෂිත කැමරාවලට අදාළ ඩීවීආර් යන්ත්‍රය වෙනත් විමර්ශනයක් සඳහා රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයට රැගෙන ගොස් ඇති බව පැවසූ කාර්යාංශය එය ලබාගෙන වැඩිදුර විමර්ශන කරන බව ප්‍රකාශ කළේය.

යන්ත්‍රය ලබා ගැනීම පමා වීම ගැන විමසූ අධිකරණය එය කඩිනමින් ලබාගෙන ඉදිරි විමර්ශන සිදු කරන ලෙස නියෝග කරනු ලැබීය. නඩුව යළි ජූලි මස 7 වැනිදා කැඳවීමට ද නියෝග කෙරිණ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top