/ Jun 25, 2025

ට්‍රම්ප්ට තද වෙයි ; ඊශ්‍රායලයට දැඩි අනතුරු ඇඟවීමක්

ඊශ්‍රායලය සහ ඉරානය යන රටවල දෙකම තමන් ප්‍රකාශ කළ සටන් විරාමය උල්ලංඝනය කර ඇති බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ එම රටවල් දෙක කෙරෙහිම ට්‍රම්ප් සතුටු නොවන බවයි.

විශේෂයෙන් ඊශ්‍රායලයේ ක්‍රියාවලිය කෙරෙහි ඔහුගේ අප්‍රසාදය පලකර ඇති බවත් සඳහන්.

බෝම්බ හෙළීම නවත්වන ලෙසත් “ඔබේ ගුවන් නියමුවන් දැන්ම නැවත ගෙන්වා ගන්න” ඔහු ඊශ්‍රායලයෙන් ඉල්ලා තිබේ.

එමෙන්ම ඊශ්‍රායලයට දැඩි අනතුරු ඇඟවීමක් සිදුකරමින් ඔහු පවසා ඇත්තේ, ඉරානයට ගුවන් ප්‍රහාර එල්ල නොකරන ලෙසය.

ඔහු ප්‍රකාශ කර ඇත්තේ, “බෝම්බ හෙළන්න එපා” එය “මහා උල්ලංඝනයක්” ලෙස‍යි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top