/ Jun 26, 2025

මාලිගාකන්ද උසාවියේ අමුතු සෙල්ලමක් එළියට: මෝෂන් පොත කුරුටු ගාලා!

මාලිගාකන්ද මහේස්ත්‍රාත් උසාවියේ කලක් තිස්සේ පවත්වාගෙන යන ආන්දෝලාන්තමක නඩුකරයකට අදාළව එම උසාවියේ ඇති මෝෂන් පොත කුරුටු ගෑමක් සම්බන්ධයෙන් පුවතක් වාර්තා වේ.

පාලන මිලට වඩා ඉතා වැඩි මිලකට ඖෂධ අලෙවි කිරීම සම්බන්ධයෙන් ආසිරි රෝහලට විරුද්ධව පවත්වාගෙන යන නඩුවේදී මෙම සිදුවීම සිදුව තිබේ.

මෙම නඩුකරය මාලිගාකන්ද මහේස්ත්‍රාත්වරිය යටතේ පවත්වාගෙන ගිය එකක් වූ අතර එහි අධ්‍යක්ෂවරුන් අධිකරණයට දිගින් දිගට ඉදිරිපත් නොවීම වැනි සිදුවීම් සිදුවීම එහිදී කැපී පෙනිණි. ඒ අතර ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය රාජකාරි නිවාඩු ගොස් සිටියදී 2024 ජනවාරි 09 දින වැඩබලන මහේස්ත්‍රාත්වරියක ඉදිරියේ එම නඩුව කැඳවා තීන්දුවක් ලබා ගෙන තිබීමද කතාබහට ලක් වූ සිදුවීමක් විය.

මෙසේ අධිකරණයේ පවත්වාගෙන යන මෝෂන් පොතේ එම ජනවාරි 09 දිනයට අදාළව ප්‍රශ්නගත නඩුව සම්බන්ධයෙන් වන එය කැඳවන්නැයි ඉල්ලා තිබු සටහන කිසිවෙකුට හඳුනාගත නොහැකි අන්දමින් කුරුටු ගා ඇති බව වාර්තා වේ.

මේ බව සඳහන් කරමින් මාලිගාකන්ද ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය සඳහන් කළේ, මේ සම්බන්ධයෙන් සොයා බැලීමට අවශ්‍ය වුවහොත් රහස් පොලිසිය වෙත භාර දෙන බවයි.

කෙසේ වෙතත්, මෙම ඖෂධ වැඩි මිලට නියම කිරීමේ නඩුවට අදාළව ආසිරි රෝහලේ අධ්‍යක්ෂ මණ්ඩලය අධිකරණයට හමුවට නොකැඳවන්නැයි මාලිගාකන්ද මහේස්ත්‍රාත්වරියට රිට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා අදාළ රෝහල අභියාචනාධිකරණයේ පෙත්සමක් ගොනු කර තිබු අතර එය ඉල්ලා අස් කරගෙන තිබිණ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top