/ Jun 26, 2025

ලුණු සඳහා උපරිම සිල්ලර මිලක්; මිල ගණන් මෙන්න

වෙළෙඳපොළේ ලුණු මිල පහත හෙළීම සඳහා උපරිම සිල්ලර මිල සීමාවන්ට යටත්ව ලුණු නිකුත් කරන බව ශ්‍රී ලංකා ලුණු නිෂ්පාදකයන්ගේ සංගමය පවසයි.

පාරිභෝගික කටයුතු පිළිබඳ සභාව සමඟ ඇති කරගත් එකඟතාවය අනුව එම සංගමය මෙම තීරණය ගෙන තිබේ.

එම සංගමය වැඩිදුරටත් දැනුම්දෙන්නේ පසුගිය දිනවල රජය විසින් ආනයන සීමා ලිහිල් කිරීම අනුව, අවශ්‍ය තරම් ලුණු තොග ලැබී ඇති බැවින් ආනයනිත කෑමට ගන්නා ලුණු පහත සඳහන් උපරිම සිල්ලර මිල සීමාවන්ට යටත්ව වහාම නිකුත් කිරීම ආරම්භ කර ඇති බවය.

එම මිල ගණන් පහතින්,

කැට ලුණු කිලෝග්‍රෑම් 1ක් රුපියල් 180

ලුණු කුඩු කිලෝග්‍රෑම් 1ක් රුපියල් 240

ලුණු කුඩු ග්‍රෑම් 400ක් රුපියල් 120

මෙම මිල යටතේ ඇසුරුම් කළ ලුණු දිවයින පුරා බෙදා හරීම සඳහා දින කිහිපයක් ගතවිය හැකි බවයි එම සංගමය පෙන්වාදෙන්නේ.

ඉන් අනතුරුව ඉහත සඳහන් මිලට ඇසුරුම් කළ ලුණු දිවයින පුරා වෙළඳසැල්වලින් මිලදී ගැනීමේ අවස්ථාව පාරිභෝගිකයින්ට හිමිවෙන බව ද ශ්‍රී ලංකා ලුණු නිෂ්පාදකයන්ගේ සංගමය වැඩිදුරටත් පවසයි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top