/ Jun 28, 2025

රෝයල් පාක් මිනීමරුවා නිදහස් කර කෝටි 50ක් ගත්තාද? රතන හිමි ගැනත් හෙළිදරව්වක්!

හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන විසින් ජනාධිපති සමාව දී නිදහස් කරන ලද රෝයල් පාක් මිනීමරුවා ලෙස කුප්‍රකට වූ ජූඩ් ශාමන්තගේ සිදුවීම සම්බන්ධයෙන් හිටපු ජනපතිවරයා මේ සතිඅන්ත ලංකාදීප පුවත්පතේ සම්මුඛ සාකච්ඡාවකදී අදහස් පළ කර තිබේ.

ඉන් සිද්ධියට අදාළ කොටස් කිහිපයක් පහත දැක්වේ.

“…දේශපාලනයේ ජඩ මඩ දෙකම තියනවා. ඕනෑම කෙනෙකුට ඕනෑම දෙයක් කියන්න පුළුවන්. දේශපාලනඥයෙකුට හිතවත් පිරිසට වඩා අහිතවත් පිරිස තමා වැඩි. දැන් ඉන්න ජනාධිපතිතුමා 43%ක් අරනගෙන දිනුවනෙ. නමුත් වැඩි ඡන්දයක් පාවිච්චි වෙලා තියන්නෙ එයාට විරුද්ධවනෙ. ඒ නිසා චරිත ඝාතන, මඩ කියන ඒවා සාමාන්‍ය දෙයක්.”

ඒ කියන්නෙ, ඔබට එල්ල වුණේ බොරු මඩක්.

“මට මේ හිරකාරයෙක් නිදහස් කරලා කෝටි 50ක් හරි 100ක් හරි ගන්න තරම් දුර්වල මිනිහෙක් නෙවෙයි. අවුරුදු 35ක් පාර්ලිමේන්තුවේ ඉඳලා අවුරුදු 23ක් ඇමැතිකම් දරලා රටේ ජනාධිපති වෙලා ඉන්න මට හිරකාරයෙක් නිදහස් කරලා සල්ලි ගන්න තරම් හිඟන තත්වයක් නෑ. මේ චරිත ඝාතන. මම ඕනෑම කෙනෙකුට අභියෝග කරනවා ඔය චෝදනාව ඔප්පු කරන්න කියලා..”

“… එතකොට ඔය රෝයල් පාක් සිද්ධියට අදාළ හිරකරුවා සම්බන්ධයෙන් අතුරලියේ රතන උන්වහන්සේ තමයි එහෙ මෙහෙ දුවලා දාඩිය දාගෙන පවුලේ අයත් හත් අට වතාවක් මං ගාවට එක්කරගෙන ඇවිල්ලා සෑහෙන්න මහන්සි වුණේ. මේකට මගේ අත්සන ගන්න මං ගාවට ආවෙ මගේ නීති අධ්‍යක්ෂ. එයා ගෙනාවමත් මම කිව්වා, ඕක අත්සන් කරන්න මගේ එච්චර කැමැත්තක් නෑ කියලා.”

ඔබ ඇයි කැමැති වුණේ නැත්තෙ?

“මම කිව්වා ඕකට ලොකු විරෝධයක් එයි කියලා.”

නමුත් අන්තිමට ඔබ අත්සන් කළා?

“මගේ නීති අධ්‍යක්ෂ කිව්වා, සර්ට කිසි ප්‍රශ්නයක් වෙන්නේ නෑ. ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට අනුව සර්ට පුළුවන් හිරකාරයන් නිදහස් කරන්න. මේක අත්සන් කරන්න, කියලා. මම වෙන වැඩ වගයක් කර කර හිටියේ. එයා ගෙනාවේ ලොකු ෆයිල් එකක්ම. ඒක පෙරළනකොටත් එපා කිව්වා. සර් ඒකෙ ඔච්චර බලන්න දෙයක් නෑ. මේ සිරකරුවා අවුරුදු 10ක් හිරේ ඉන්නකොට එයාගේ මරණීය දණ්ඩනය ඉවත් වෙලා තියනවා. කියලා.”

“.. මගේ එච්චර කැමැත්තක් තිබුණේ නෑ. නමුත් රතන උන්නාන්සේගේ තිබුණ දැඩි බලපෑමත්, නීති අධ්‍යක්ෂකගේ මග පෙන්වීමත් නිසා මම අත්සන් කළා.”

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top