කර්මාන්ත අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති ලෝක ආර්ථික සමුළුවේදී කළ අදහස් දැක්වීම සම්බන්ධයෙන් සමාජ ජාලා පුරා විවිධ විවේචන එල්ල වෙමින් තිබේ.
මාධ්‍යවේදීනිය විසින් නගන පැනයකට ඇමැතිවරයා පිළිතුරු දෙන අතර, විවේචකයන් පවසන්නේ ඔහු විමසන පැනයට නොව, ඔහු විසින් කලින් සූදාානම් කරගත් කරුණු ප්‍රමාණයක් පවසන බවයි.
කෙසේ වෙතත්, ඔහුගේ කතාව අතරමග බාධා කරන මාධ්‍යවේදිනිය වෙනත් අයෙකු වෙත පැනයක් යොමු කරනු දක්නට ලැබේ.