/ Jun 30, 2025

බෝරා ප්‍රජාවගේ පල්ලිය වීඩියෝ කළ පොඩි සහරාන් අත්අඩංගුවට!

බම්බලපිටිය ප්‍රදේශයේ බෝරා ප්‍රජාව ආගමික කටයුතු සිදු කළ දේවස්ථානය ආශ්‍රිතව සැකකටයුතු ලෙස හැසිරෙමින් අදාළ වීඩියෝගත කරමින් සිටි පොඩි සහරාන් ලෙස හැඳින්වෙන පස්රුල් රහ්මාන් මොහොමඩ් සරහාන් නමැති සරසවි සිසුවා අත්අඩංගුවට ගෙන ඇත.

මොහු බම්බලපිටිය ප්‍රදේශයේ පුද්ගලික විශ්වවිද්‍යාලයක ඉගෙන ගන්නා බව කියන මහනුවර අයෙකි.

පාස්කු ඉරිදා ප්‍රහාරයට අදාළ වීඩියෝ දර්ශන සමාජ මාධ්‍ය වෙත මුදාහැරීමේ චෝදනාවක් මත මීට පෙර ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය මගින් අත්අඩංගුවට ගෙන ඇප මත නිදහස්ව සිටි අයෙකු බවට ඒ අතර පොලිසිය තහවුරු කරගෙන තිබේ. රාජ්‍ය බුද්ධි සේවයෙන් ලද තොරතුරක් මත ක්‍රියාත්මක වූ පොලිස් නිලධාරීන්, බෝරා දේවස්ථානය සහ බම්බලපිටිය දුම්රිය ස්ථානය ආවරණය වන පරිදි සැකකරු වීඩියෝ කරමින් සිටියදී දේවස්ථානය ආසන්නයේ දුම්රිය මාර්ගයේදී ඔහුව අත්අඩංගුවට ගැනීමට සමත්ව ඇත.

මූලික ප්‍රශ්න කිරීම්වලදී සැකකරු පවසා ඇත්තේ තමන් මීට පෙර බෝරා දේවස්ථානයේ ධජය දැක නොතිබූ බැවින්, කුතුහලය මත එය වීඩියෝ කළ බවයි. ඔහු සතුව තිබී අදාළ වීඩියෝ දර්ශන ඇතුළත් ස්මාට් වර්ගයේ ජංගම දුරකතනය ද පොලිස් භාරයට ගෙන ඇති අතර, වැඩිදුර විමර්ශන කටයුතු සඳහා සැකකරු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත භාරදී ඇත.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top