/ Jul 01, 2025

කහවත්තේ වෙඩි තැබීමක්!

කහවත්ත පොලිස් වසමේ, යායින්න ප්‍රදේශයේදී සිදු කළ වෙඩි තැබීමකින් තරුණයෙකු ජීවිතක්ෂයට පත්වී තවත් තරුණයෙකු තුවාල ලබා ඇතැයි වාර්තා වේ.ෙ

කහවත්ත, යයින්න, කොස්කෑල්ල ප්‍රදේශයේ නිවසකට ඊයේ රාත්‍රී පැමිණි පුද්ගලයින් සිව්දෙනෙකු නිවසේ සිටි තරුණයින් දෙදෙනෙකු පැහැරගෙන ගොස් පාලු ප්‍රදේශයකට ගෙන ගොස් වෙඩි තබා ඇති බවයි මූලික විමර්ශනවලින් හෙළි වී ඇත්තේ.

වෙඩි වැදීමෙන් තුවාල ලැබූ 22 හැවිරිදි තරුණයෙකු එම ස්ථානයේදීම මියගොස් ඇති අතර 27 හැවිරිදි අනෙක් තරුණයා ප්‍රතිකාර සඳහා රෝහල් ගතකර ඇති බව පොලීසිය සඳහන් කරයි.

කවුරුන් විසින් කුමන හේතුවක් මත මෙම වෙඩි තැබීම සිදුකළේ ද යන්න මෙතෙක් අනාවරණය වී නොමැති අතර කහවත්ත පොලීසිය මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ආරම්භ කර තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top