තායිලන්තයේ අගමැතිවරිය වූ පේටොංටාර්න් ෂිනවත්‍රාගේ වැඩ තහනම් කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.
කාම්බෝජයේ හිටපු නායක හුන් සෙන් සමඟ සිදුකළ දුරකතන සංවාදයක් ලීක් වීම හේතුවෙන් මෙලෙස ඇගේ වැඩ තහනම් කර ඇතැයි සඳහන්.
කාම්බෝජයේ හිටපු නායකයා අමතා ඇය සිය තායි හමුදා අණ දෙන නිලධාරියෙකු විවේචනය කර ඇති අතර එම හඬපටය හේතුවෙන් මහජන කෝපයක්ද ඇතිවී තිබුණි.
ඒ අනුව ඇයව සේවයෙන් පහ කිරීම සඳහා පෙත්සමක් ඉදිරිපත් කර ඇති අතර එය මේ වන විට එරට අධිකරණයේ සලකා බලමින් පවතින බවත් විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.
38 හැවිරිදි පේටොංටාර්න් තායිලන්තයේ ලාබාලතම නායිකාව වන අතර ඇගේ නැන්දනිය වූ යින්ලක් ෂිනවත්‍රාට පසුය අගමැති ධුරයට පත් වූ දෙවන කාන්තාවද ඇය වේ.
විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ පසුගිය දශක දෙකක කාලය තුළ තායි දේශපාලනයේ ආධිපත්‍යය දැරූ බලවත් ෂිනවත්‍රා වංශයේ ඔවුන්ගේ ධුර කාලය සම්පූර්ණ කිරීමට පෙර බලය අහිමි වූ තුන්වන දේශපාලනඥයා බවට පත්වීමට ඇයට සිදුව ඇති බවයි.