/ Jul 06, 2025

කොළඹට එන ෂාරුක්ව බලන්න ඔබටත් පුළුවන් ද?

බොලිවුඩයේ සුපරි නළු ෂාරුක් ඛාන්ට මෙරටද රසිකයන් විශාල පිරිසක් සිටී. ඔහු අගෝස්තු 02 වැනි දින මෙරටට පැමිණෙන්නට නියමිතව ඇත්තේ City of Dreams Sri Lanka නම් දැවැන්ත ව්‍යාපෘතියක සමාරම්භක උළෙලකටයි.

කෙසේ වෙතත්, මෙම උත්සවය පොදු මහජනතාවට විවෘත නොවන බව එහි සංවිධායක මණ්ඩලය පවසයි. කිසිදු ලෙසකින් ප්‍රවේශපත් නිකුත් නොකරන බවත්, මෙම උත්සවය විශේෂ ආරාධිතයන්ට සීමා වූවක් බවත් ඔවුන් තරයේ ප්‍රකාශ කරති.

ඒ අනුව යම් හෙයකින් ප්‍රවේශපත් අලෙවි කිරීමක් සිදු වන්නේ නම් එය වංචාසහගත කටයුත්තකි. ජෝන් කීල්ස් හෝල්ඩින්ග්ස් සමාගම සහ මෙල්කෝ රිසෝට්ස් ඇන්ඩ් එන්ටටේන්මන්ට් සමාගම එක්ව City of Dreams Sri Lanka ව්‍යාපෘතිය දියත් කරති. මෙම ව්‍යාපෘතිය දකුණු ආසියාවේ ප්‍රථම පූර්ණ එකාබද්ධ සංචාරක හෝටල් සංකීර්ණය වන අතර ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශය විසින් සිදු කරන දැවැන්තම ආයෝජනය ලෙසද සැලකේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top