ගාලු මුවදොර පිටියේ අනවසර වෙළෙඳසැල් ඉවත් කිරීමට ඊයේ (4) පස්වරුවේ වරයා කළමනාකරණය උපදේශ සේවා පෞද්ගලික සමාගමේ නිලධාරීන් පොලිසිය සමඟ පැමිණි අවස්ථාවේ උණුසුම් තත්වයක් හට ගති.
සෞඛ්‍යාරක්ෂිතව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ නිර්දේශ සහිතව වෙළඳ කටයුතු කරගෙන යෑම සඳහා මෙම ක්‍රියාමාර්ගය ගන්නා බව සඳහන් වූ අතර, දැනට වෙළඳාමේ සිටින පිරිස් එම තීරණයට දැඩි විරෝධය පළ කළෝය.
ඔවුන් පවසන්නේ තමන් කාලයක පටන් මෙහි වෙළෙඳාම් කරන නමුත් විවිධ හේතු දක්වා තමන්ව මෙයින් ඉවත් කිරීමට කටයුතු කරන බවයි.
කෙසේ වෙතත්, ඇති වූ තත්වය මත ඉරිදා දක්වා වෙළෙඳාම් කටයුතු කරගෙන යාමට අවසර ලබා දී තිබේ.