/ Jul 13, 2025

සාමාන්‍ය පෙළ ප්‍රතිඵල නිකුත් වේ

2024 (අපොස) සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල අද (11) නිකුත් කර තිබේ.

විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවි වන https://www.doenets.lk/ සහ http://www.results.exams.gov.lk/ යන වෙබ් අඩවිවලට පිවිසීමෙන් ප්‍රතිඵල ලබාගත හැකිය.

මේ අතර ප්‍රතිඵල නැවත සමීක්ෂණය සඳහා අයදුම්පත් කැඳවීම එළැඹෙන 14වනදා සිට 28වනදා දක්වා සිදුකිරීමට විභාග දෙපාර්තමේන්තුව කටයුතු යොදා තිබේ.

එමෙන්ම ප්‍රතිඵල පිළිබඳ කිසියම් විමසීමක් අවශ්‍ය නම් විභාග දෙපාර්තමේන්තුවේ ක්ෂණික ඇමතුම් අංකය වන 1911 ඇමතීමෙන් හෝ පාසල් විභාග සංවිධාන හා ප්‍රතිඵල ශාඛාවේ දුරකතන අංක වන 0112-785922, 0112-784208, 0112-786616 සහ 0112- 784537 යන දුරකතන අංක මගින් විමසීම් කළ හැකිය.

2024 සාමාන්‍ය පෙළ විභාගය ඉකුත් මාර්තු මස 17 වනදා සිට 26 වනදා දක්වා දිවයින පුරා විභාග මධ්‍යස්ථාන 3,664කදී   පැවැත්විණි. සිසුන් 474,147 දෙනෙකු පෙනී සිටි අතර, ඉන් 398,182 දෙනෙක් පාසල් අයදුම්කරුවන් විය.

සියලුම පාසල් අයදුම්කරුවන්ගේ මුද්‍රිත ප්‍රතිඵල ලේඛන අදාළ විදුහල්පතිවරුන් වෙතත්, පෞද්ගලික අයදුම්කරුවන්ගේ ප්‍රතිඵල ලේඛන එම අයදුම්කරුවන් වෙතත් නැවත සමීක්ෂණයෙන් පසු නිකුත් කිරීමට කටයුතු කරන බවද විභාග දෙපාර්තමේන්තුව පවසයි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top