මහනුවර මහ රෝහලේ මහල් ගොඩනැගිල්ලකින් ඇදවැටී පුද්ගලයෙකු මියගොස් තිබේ.
ගොඩනැගිල්ලෙන් ඇඳවැටී බරපතළ තුවාල ලැබූ එම පුද්ගලයා මහනුවර මහ රෝහලේ ඇතුළත් කිරීමෙන් අනතුරුව මිය ගොස් තිබේ.
ඊයේ (12) සවස් කාලයේ දී සිදු වූ මෙම අනතුරින් මියගොස් ඇත්තේ, හාරිස්පත්තුව ප්‍රදේශයේ පදිංචිව සිටි 71 හැවිරිදි පුද්ගලයෙකි.
කොන්ත්‍රාත් පදනම මත රෝහලේ ගොඩනැගිලි පින්තාරු කරමින් සිටියදී එම ගොඩනැඟිල්ලේ 03 වන මහලින් ඇදවැටී මෙම අනතුර සිදුව ඇතැයි පොලිසිය පවසයි.
මෘත දේහය මහනුවර රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර සිද්ධිය සම්බන්ධව මහනුවර පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.