/ Mar 03, 2026

ළැම හසුන් පෙන්නාගෙන පාරේ ගිය විදෙස් කත අත්අඩංගුවට!

උඩුකය නිරුවතින් ප්‍රසිද්ධ මහාමාර්ගයේ ගමන් කළ විදේශීය කතක් අත්අඩංගුවට ගැනීමට පොතුවිල් පොලිසිය ක්‍රියා කර තිබේ.

පොතුවිල්හි පිහිටි බීච් හට් නමැති හෝටලයේ සිට ඕෂන් ස්කයි හෝටලය දක්වා මෙලෙස උඩුකය නිරුවතින් ගමන් කර ඇත්තේ තායිලන්ත ජාතික සංචාරක යුවතියකි.

පොතුවිල් පොලිසියේ කාන්තා නිලධාරිනියන් ඇතුළු පිරිසක් මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇති අතර ඇය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත ය.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top