/ Jul 27, 2025

කහවත්ත කැළඹූ තරුණයාගේ ඝාතනය ; සැකකරුවන්ට අධිකරණ නියෝගයක්!

කහවත්ත ප්‍රදේශයේ දී තරුණයෙකු දණගස්වා වෙඩි තබා ඝාතනය කර තවත් අයෙකුට තුවාල සිදුකිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනවලදී අත්අඩංගුවට ගත් සැකකරුවන් 4 දෙනාගෙන් දෙදෙනෙකු දින 7ක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට හෝමාගම වැඩබලන මහේස්ත්‍රාත් ප්‍රියංකා මද්දුම පටබැඳි මෙනවිය පොලිසියට අද (16) අවසර ලබා දී තිබේ.

අනෙක් සැකකරුවන් දෙදෙනා හෙට (17) දිනය දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට හෝමාගම මහේස්ත්‍රාත් නියෝග කළ අතර ඒ අනුව ඔවුන් දෙදෙනා හෙට පැල්මඩුල්ල අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

අදාළ සිද්ධියට ආධාර අනුබල දුන් සැකකරුවන් 4 දෙනෙකු මෙලෙස අත්අඩංගුවට ගෙන තිබුණි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top