ප්‍රවීණ රංගන ශිල්පිනී දමයන්ති ෆොන්සේකාගේ මුදල් පසුම්බිය ජාතික රෝහල් පරිශ්‍රයේදී සොරාගත් පුවතක් වාර්තා වේ.
වෛද්‍යවරයෙකු හමුවීම පිණිස විදුලි සෝපානයේ ගමන් කරමින් සිටියදී, එහි පැවති තදබදය අතරතුර පුද්ගලයෙකු විසින් ඇගේ අත්බෑගය සූක්ෂ්මව විවෘත කර එහි තිබු මුදල් සහ බැංකු කාඩ්පත් සොරාගෙන තිබේ.
සොරාගත් දේ අතර ඇගේ හැඳුනුම්පතද තිබී ඇති අතර, මේ ගැන අදහස් දක්වමින් ඈ කියා සිටියේ ජාතික රෝහල වැනි ඉහළ ආරක්ෂාවක් ඇති තැනක මෙවැනි සොරකම් සිදුවීම ගැන බලධාරීන් පියවර ගත යුතු බවයි. කනකර පවා උගස් තියා ශල්‍යකර්ම වැනි අවශ්‍යතා සඳහා මුදල් රැගෙන එන අසරණ රෝගීන්ගේ ආරක්ෂාව තහවුරු කිරීමට රෝහල් බලධාරීන්ට ඍජු වගකීමක් ඇතැයි ඈ කියා සිටියාය.





