/ Nov 13, 2025

විදෙස් කත බදාගත් 81 වියැති විහාරාධිපති හිමි අත්අඩංගුවට!

නවසීලන්ත ජාතික සංචාරක කතකට ලිංගික අතවරයක් කළ බවට සැකපිට උණවටුන ප්‍රදේශයේ විහාරස්ථානයක 81 වියැති විහාරාධිපති හිමිනමක් ඊයේ (16) අත්අඩංගුවට ගත් බව පොලිස් ආරංචිමාර්ග පවසයි.

සංචාරයක් සඳහා ලංකාවට පැමිණි 41 වියැති නවසීලන්ත ජාතික මෙම කාන්තාව විහාරස්ථානයට ගිය අවස්ථාවේ මෙම වයෝවෘද්ධ හිමිනම විසින් ආහාර පාන සපයා තිබෙන බවත්, පසුව ඇයට කාමරයකට යන ලෙස පවසා එහි ගිය විගස පිටුපසින් පැමිණ ඇයව බදා වැළඳගත් බවත් අනාවරණය වී තිබේ.

අතවරයට ලක්වූ බව කියන කත වෛද්‍ය පරීක්ෂණයක් සඳහා කරාපිටිය රෝහලට ඉදිරිපත් කිරීමටත් සැක හිමිනම අධිකරණයට ඉදිරිපත් කිරීමටත් නියමිත ය.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top