පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් එම ධුරයෙන් නෙරපීම සඳහා ඔහු පිළිබඳ විමර්ශනය කිරීමට පත්කළ පාර්ලිමේන්තු පරීක්ෂණ කමිටුව නිර්දේශ කර ඇතැයි කතානායකවරයා අද (22) පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේ ය.
සියලු චෝදනාවලට සේවය අත්හිටුවා ඇති පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් වරදකරු බවට කමිටුව තීරණය කර ඇතැයිද කතානායකවරයා තවදුරටත් පැවසුවේය. අදාළ වාර්තාව මුද්‍රණය කිරීමටත්, පාර්ලිමේන්තු වෙබ් අඩවියේ දැක්වීමටත් තීරණය විය.
ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ප්‍රීති පත්මන් සූරසේනගේ සභාපතිත්වයෙන් යුත් විශේෂ පරීක්ෂණ කමිටුවක් විසින් පොලිස්පතිවරයා සිදුකර ඇති බව කියන විෂමාචාර සහ සිය ධුරයේ බලතල බරපතළ අන්දමින් භාවිත කිරීම සම්බන්ධයෙන් විමර්ශනය කර වාර්තාවක් සකස් කිරීම සඳහා පසුගිය අප්‍රේල් මාසයේ පත් කරනු ලැබීය.
මෙම පරීක්ෂණ කමිටුව අවස්ථා 10කට වැඩි ගණනකදී රැස්වී සාක්ෂි සටහන් කර ගැනීම සිදුකර ගනු ලැබීය. එහිදී විවිධ විෂමාචාර සම්බන්ධයෙන් ඉතා බරපතළ කරුණු රැසක් අනාවරණය විය. එවකදී දේශබන්දු තෙන්නකෝන් පොලිස්පති ධුරයට පත් කිරීමට එරෙහිව සමාජයේ විවිධ කොටස් විරෝධය පළ කළ අතර නෛතික ක්‍රියාමාර්ගද ගණනාවක් ගනු ලැබිණ.
ඒ අනුව පරීක්ෂණ කමිටුවේ සාක්ෂි සටහන් කර ගැනීම පසුගියදා සම්පූර්ණයෙන්ම අවසන් කරනු ලැබීය.