පැපොල රෝගය වැළඳී සිටි 19 වියැති පාසල් සිසුවෙකුට නිසි වෛද්‍ය ප්‍රතිකාර වෙනුවට නිවසේ රඳවාගෙන ශාන්තිකර්ම කිරීම නිසා රෝගය උත්සන්න වී ඔහු මිය ගිය පුවතක් වාර්තා වේ.
මිනිපේ, ගලමුදුන නම් අතිදුෂ්කර ගම්මානයේ පදිංචිව සිටි සෙහාන් මධුරංග බණ්ඩාර නම් සිසුවෙකු මෙලෙසට අවාසනාවන්ත ඉරණමට මුහුණ දුන් අතර පැවැති මරණ පරීක්ෂණයේදී “අසනීප වූ විට ලෙඩුන් නිවෙස්වල තබාගෙන බලි තොවිල් කරනවා වෙනුවට රෝහලකට ගෙන ගියානම් ජීවිතය බේරාගත හැකිව තිබුණා”යැයි මරණ පරීක්ෂකවරයා අවධාරණය කර තිබේ.
පැපොල රෝගය වැළඳුණු මුල් දිනවල ශාන්ති කර්ම කළ බවත්, පසුව රෝගය උත්සන්න වූ පසු වාහන ගමනාගමනය නැති මහ වන මැදින් කිලෝමීටර් 6ක් පමණ දුරක් ඔහු පයින් රැගෙන විත් රෝහල්ගත කරළ බවත් අවසානයේදී තෙල්දෙණිය රෝහල වෙත රැගෙන එන විටත් ඔහු මිය ගොස් තිබු බවත් පියා ප්‍රකාශ කර තිබේ.
පැපොල රෝගය උත්සන්න වීමෙන් හටගත් හෘදයාබාධයක් මරණයට හේතුව ලෙස දක්වා ඇත.