/ Jan 23, 2026

ජනපති ලේකම්ගේ නිල රිය බිරිය සමඟ අනතුරක: රියදුරාට 35000ක් ගෙවන්නත් වෙයි!

ජනාධිපති ලේකම් නන්දික සනත් කුමානායකගේ නිල රථය ඔහුගේ බිරිය ගමන් ගත් අවස්ථාවේ පෙරේදා (2) රාත්‍රී 9ට පමණ අනතුරට ලක්ව ඇතැයි වාර්තා වේ. මෙම අනතුරින් එකම පවුලේ සිව් දෙනෙකු තුවාළ ලබා රෝහල්ගත කර ඇත.

පැලවත්තේ සිට අකුරේගොඩ දක්වා පැමිණ ඇති සුඛෝපභෝගී මෙම රථය ඉදිරියෙන් පැමිණි යතුරුපැදියක හා එකිනෙක ගැටී ඇත. එම අනතුර සිදුවන විට යතුරු පැදියේ එකම පවුලේ මව පියා සහ දරු දෙදෙනා පැමිණ තිබේ.

යතුරුපැදියේ සිව් දෙනා තුවාල ලබා රෝහල්ගත කර ඇත. මෝටර් රථයේ රියදුරු අත්අඩංගුවට පත්වීමෙන් පසු ඇප මත මුදාහැර ඇති අතර අනතුරට පත් පවුලට රුපියල් 35000ක වන්දියක් ගෙවන ලෙසද රියදුරුට නියෝග කර ඇත.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top