හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ මහතාගේ පෞද්ගලික ලේකම් මෙන්ම අධි සහායිකාව ලෙස කටයුතු කළ සැන්ඩ්‍රා පෙරේරා මෙනවිය අද (04)අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණ ඇත.
විදෙස් සංචාරයක් සඳහා මුදල් භාවිතා කළ ආකාරය පිළිබඳ ප්‍රකාශයක් ලබා දීම සඳහා ඇය මෙලෙස කැඳවා ඇති බව වැඩිදුරටත් වාර්තා වෙයි.




