පියා විසින් කපා තිබූ වැසිකිළි වළට වැටී ඔහුගේ බාල පුත්‍රයා ජීවිතක්ෂයට පත් වී ඇත.
මෙලෙස අවාසනාවන්ත ලෙස මිය ගොස් ඇත්තේ බගවන්තලාව කිව් වතුයායේ ඉහළ කොටසේ පදිංචි එම වතුයායේම 3 වනශ්‍රේණියේ අධ්‍යාපනය ලබමින් සිටි හෙලෝන් සසාන් නැමති 08 හැවිරිදි සිසුවාය.
එම වතුයායේ ඉහළ කොටසේ වතුකම්කරුවෙකු විසින් අලුතින් ඉදිකරමින් පවතින නිවසට වැසිකිළියක් ඉදි කිරීම සඳහා අඩි 06ක පමණ ගැඹුරකින් යුත් වළක් මෙම පියා විසින් කපා ඇති අතර වැසි ජලය පිරී තිබූ එම වළ අසළින් ඊයේ (03) ගමන් කරමින් සිටි අවස්ථාවක ඔහු එම වළට වැටෙන්නට ඇති බවට සිද්ධිය සම්බන්ධයෙන් පරික්ෂණ පවත්වන පොලිස් නිලධාරීන් සැකපල කරයි.
වැසිකිළි වළ අසල පරීක්ෂා කිරීමේ දී එම ස්ථානයේ තිබී දරුවාගේ පාවහන් යුගළ දැක ඇති අතර පසුව ඔහු වළ තුලට බැස පරික්ෂා කිරීමේ දී එහි සිය පුත්‍රයා සිටින බව දැක අසල්වාසීන්ගේද සහාය ඇතිව දරුවා ගොඩට ගෙන දික්ඔය මූලික රෝහල වෙත ඇතුළත් කළද ඒ වන විටත් දරුවා මියගොස් සිට ඇති බව පොලීසිය පවසයි.