/ Aug 09, 2025

කන්ටේනරයක් වැටී බිහිසුණු අනතුරක් : අයෙකුට දිවි නැති වෙයි!

කොළඹ වරාය බහාලුම් අංගනයේදී බහාලුමක් ප්‍රයිම් මූවර් රථය මතට වැටීමෙන් සිදුවූ අනතුරකින් ප්‍රයිම් මූවර් රථයේ සිටි රියදුරු මියගොස් ඇතිබව වාර්තා වෙයි.

කොළඹ වරාය බහාලුම් අංගනයේදී ප්‍රයිම් මූවර් රථයකට බහාලුමක් පැටවීමට යාමේදී එම බහාලුම තවත් බහාලුමක ගැටී එය මෙලෙස ප්‍රයිම් මූවර් රථය මතට වැටී තිබේ.අනතුරව බරපතළ තුවාල ලැබූ රියදුරු කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමේදී මියගොස් ඇති බවය සඳහන් වෙයි.

මරණකරු වයස අවුරුදු 36ක් වූ දැදිගම ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර බහාලුම පැටවීම සිදු කරමින් සිටි යන්ත්‍ර ක්‍රියාකරු පොලිස් අත්අඩංගුවට ගෙන ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් කොළඹ වරාය පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top