ශ්‍රී ලංකාවේ විශාලතම ජල විදුලි ව්‍යාපෘතිය වන වික්ටෝරියා ව්‍යාපෘතියට පමණක් දෙවැනි වන, මෙගවොට් 150 ක ධරිතාවයකින් යුතු සූර්ය බලශක්ති ව්‍යාපෘතියක් මේ වන විට ආරම්භ කර තිබේ.
එය ඩොලර් මිලියන 150 ක ඉන්දියානු ආයෝජනයකි.
වසර අවසන් වන විට ව්‍යාපෘති අවසන් කෙරෙන අතර, ජාතික විදුලිබල පද්ධතියට මෙගවොට් 150 ක විදුලියක් ඉන් ලබා දීමට නියමිතයි.
අදා ව්‍යාපෘතිය වෙනුවෙන් හම්බන්තොටින් අක්කර 450 ක භූමි ප්‍රමාණයක් ලබා දී තිබේ.





