වයස අවුරුදු 7ක පාසල් දැරියක් දූෂණය කළ බව කියන 35 වියැති අයෙකු පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ.
සැකකරුද පදිංචිව සිටින්නේ දැරිය පදිංචි වෙස්වෝර්ල්ඩ් වතුයායේ රිලාගල කොටසේ බව කියති.
පසුගිය 15 වැනි දා බීමත්ව සිටි බව කියන සැකකරු දැරියව නිවසින් කිලෝමීටර් භාගයක් පමණ දුරට රැගෙන ගොස් දූෂණය කර එම ස්ථානයේම දමා ගොස් ඇති බව අනාවරණය වී තිබේ.
දැරිය නිවසේ නොමැති නිසා සොයා බැලීමේදී පැය 4කට පමණ පසුව අදාළ ස්ථානයේ වැටී සිටියදී සොයාගෙන ඇත. පසුව දැරිය සැකකරුගේ නම පවසා තිබේ.
දැරිය වැඩිදුර ප්‍රතිකාර සඳහා පේරාදෙණිය ශික්ෂණ රෝහල වෙත මාරු කර යවා ඇති අතර අත්අඩංගුවට ගත් සැකකරු අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.





