/ Feb 06, 2026

කාන්තාවන්ට තිබූ බාධාවක් ඉවතට!

කාන්තාවන් රාත්‍රී කාලයේ සනීපාරක්ෂක සේවිකාවන් සහ ආහාරපාන පිළිගන්වන සේවිකාවන් වශයෙන් සේවයේ ‍යෙදවීමට අවසර ලබාදෙමින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

කම්කරු අමාත්‍ය ආචාර්යය අනිල් ජයන්ත ප්‍රනාන්දු විසින් සාප්පු සහ කාර්යාලීය සේවකයින් පිළි \බද පනතට සංශෝධනයක් සිදුකරමින් මෙම අවසරය ලබා දී ඇත.

මෙතෙක් අවුරුදු 18ට වැඩි කාන්තාවන් කාන්තා වැසිකිලි සේවිකාවන් වශයෙන් පස්වරු 6.00න් පසුව සේවයේ යෙදවිය නොහැකි බවට අදාළ පනත මගින් ප්‍රකාශයට පත් කර තිබුණු අතර එම පනත තවදුරටත් සංශෝධනය කරමින් කාන්තා සනීපාරක්ෂක සේවිකාවක් හෝ ආහාරපාන පිළිගන්වන සේවිකාවක් වශයෙන් අවුරුදු 18ට වැඩි කාන්තාවන් පස්වරු 6.00න් පසු පසුදා පෙරවරු 6.00ට පෙර සේවයේ යෙදවිය හැකි බව නව ගැසට් නිවේදනයේ සඳහන් වේ.

කෙසේවෙතත් එම කාලය තුළ සේවය ලබා ගන්නා කාන්තාවන් වෙනුවෙන් සුදුසු නවාතැනක් සැපයීම, ප්‍රවාහන පහසුකම් සැපයීම, සෞඛ්‍ය ආරක්ෂාව සහ සුභ සාධනය සම්බන්ධයෙන් සේවා යෝජකයා වගකිවයුතු වෙයි.

මෙරට වර්තමාන කාන්තා ජනගහන ප්‍රතිශතය 51%ක් පමණ වන නමුත් කාන්තා ශ්‍රම බලකා සහභාගීත්ව අනුපාතය 34%ක මට්ටමක පවතියි. තවදුරටත් කාන්තා ශ්‍රම බලක සහභාගීත්වය වැඩිකර විශේෂයෙන් ශීඝ්‍රයෙන් දියුණුවන සංචාරක ක්ෂේත්‍රයට පහසුකම් සැපයීම සඳහා කාන්තා ශ්‍රම දායකත්වය වැඩි කිරීමට අවස්ථාවක් සලසා දීම පිළිබදවද අවධානය යොමුව තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top