/ Sep 16, 2025

ව්‍යාපාරිකයෙක් – සුරාබදු නිලධාරියෙක් තුවක්කු හටනක!

තලවතුගොඩ අද (19) අලුයම වෙඩි තැබීමක් වාර්තා වේ. ඒ ඔස්ට්‍රේසියා ස්පෝර්ට්ස් ක්ලබ් ශාලාව ආශ්‍රිතවයි.

ව්‍යාපාරිකයෙකු සහ සුරාබදු නිලධාරියෙකු අතර ආරවුලක් ඇති වී ව්‍යාපාරිකයා සතු බලපත්‍රලාභී ගිනි අවියක් සුරාබදු නිලධාරියා වෙත එල්ල කර ඇති බවත්, පසුව එය උදුරා ගත් නිලධාරියා යාබද තාප්පයකට වෙඩි පහර කීපයක් එල්ල කර ඇති බවත් දැනගන්නට ඇත.

වෙඩි තැබීමෙන් පුද්ගල හානියක් සිදුව නැතත් වහාම ක්‍රියාත්මක වූ තලවතුගොඩ පොලිසියේ නිලධාරීන් සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගෙන තිබේ.

මේ සිදුවීම ගැන පුළුල් විමර්ශනයක් අරඹා ඇත.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top