වැව් රක්ෂිත ඉඩම් ආක්‍රමණය කර ඉදිකර ඇති සියලුම ඉදි කිරීම් ඉවත් කරන බව කෘෂිකර්ම අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත ඊයේ (19) ප්‍රකාශ කළ අතර, මෙම ප්‍රකාශයට හිටපු ජවිපෙ මධ්‍යම කාරක සභික, පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ වත්මන් කාරක සභික ඉන්ද්‍රානන්ද සිල්වා අභියෝගයක් එල්ල කර තිබේ.
ව්‍යාපාරික ඩඩ්ලි සිරිසේන මහතා පොලොන්නරුවේ පරාක්‍රම සමුද්‍රය ආසන්නයේ “සුදු අරලිය” හෝටලය ඉදිකර ඇති බවත්, එය හැකි නම් ඉවත් කරන ලෙස ඉන්ද්‍රානන්ද ද සිල්වා පවසයි. එම හෝටලයේ එළිමහන් පිරිස් රැස්වන ස්ථානයට වතුර පිරුණු වහාම පරාක්‍රම සමුද්‍රයේ වාන් දොරටු දහයක් විවෘත කරන බවද ඔහු පෙන්වා දේ.
කයිවාරු නොගසා හැකිනම් මෙය කර පෙන්වන ලෙසද ඔහු ඇමැතිවරයාට අභියෝගයක් ඉදිරිපත් කරයි.


