/ Nov 13, 2025

මිත්තණිය ඝාතනය කළ දරුවෙක් පොලිස් වෙඩි පහරින් මරුට!

සිය මිත්තනිය ඝාතනය කළ 13 හැවිරිදි ළමයෙකු පොලිස් වෙඩි පහරින් මියගොස් තිබේ.

මෙම අවාසනාවන්ත සිදුවීම වාර්තා වී ඇත්තේ ඇමරිකාවේ උතුරු කැරොලිනා ප්‍රාන්තයෙනි.

ඝානතනය ලක්ව ඇති 68 හැවිරිදි මිත්තනියගේ මළ සිරුර ඇය පදිංචිව සිටි නිවසේ තිබී සොයාගෙන ඇති අතර ඝාතනය සම්බන්ධයෙන් චෝදනා එල්ල වූ 13 හැවිරිදි ළමයා අසල පිහිටි කැළෑබද ප්‍රදේශයක සැගව සිට ඇති බව ඇමරිකානු මාධ්‍ය වාර්තා සඳහන් කරයි.

ඔහු අත්අඩංගුවට ගැනීමට උත්සාහ කිරීමේදී පොලිස් නිලධාරීන් වෙත ලී කැබැල්ලකින් පහරදීමක් සිදු කිරීමත් සමග එක් නිලධාරියෙකු විසින් වෙඩි තැබීමක් සිදු කර ඇති බවත් එම වෙඩි පහරින් දරුවා එම ස්ථානයේදීම මියගොස් ඇති බව දැක්වෙයි.

සිද්ධිය සම්බන්ධව විශේෂ විමර්ශනයක් උතුරු කැරොලිනා ප්‍රාන්ත විමර්ශන කාර්යංශය විසින් ආරම්භ කර ඇති බවද සඳහන්.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් අසල් වැසියන් පොලීසියට පවසා ඇත්තේ එම පවුල සාමකාමී ලෙස ජීවත් වූ යහපත් පවුලක් බවයි.

”හැමෝම හරිම සතුටින් හිටියා වගේ. මේක ඇත්තටම කොහොමද වුණේ කියලා මට හිතාගන්නවත් බැහැ, මම කවදාවත් කිසිම දෙයක් ගැන තරහින් ඉන්න ළමයි දැකලා නැහැ. ඔවුන් සතුටින්, සාමාන්‍ය ළමයි වගේ පෙනුනා.” යනුවෙන් අසල්වැසියෙක් පොලීසිය වෙත පවසා තිබෙන බවයි ඇමරිකානු මාධ්‍ය වාර්තා කරන්නේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top