/ Feb 06, 2026

වැඩතහනමට ලක්වූ පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහලේකම්ගෙන් කථානායකට එරෙහිව පැමිණිල්ලක්!

වැඩතහනමට ලක්වූ පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහලේකම් චමින්ද කුලරත්න මහතා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.

ඒ, කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාට එරෙහිවය.

මෙහිදී චමින්ද කුලරත්න මහතා වෙනුවෙන් මාධ්‍යයට අදහස් දක්වමින් නීතිඥ මිතුන් ඩයස් මහතා පවසා සිටියේ, මෙය රජයට එරෙහිව සිදුකරනු ලබන පැමිණිල්ලක් නොවන අතර, මේ වනවිට වැඩතහනමට ලක්ව සිටින තම සේවාදායකයා සමඟ පෞද්ගලික අමනාපයක් හේතුකොට ගෙන ඇති වූ සිද්ධියක් හෙයින් ඒ ගැන පැමිණිල්ල සිදුකරන බවය.

එමෙන්ම කථානායකවරයාගේ දුෂණ ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් පැමිණිල්ල මඟින් අල්ලස් කොමිසමට ඉදිරිපත් කළ බවද නීතිඥවරයා පවසයි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top