තම නාමය සහ ජායාරූප අනවසරයෙන් භාවිතා කරමින් කෙරෙන මැතිවරණ ප්‍රචාරණය නවතා දැමීමට අවශ්‍ය කටයුතු සිදුකරන ලෙස ඉල්ලමින් හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග විසින් මැතිවරණ කොමසාරිස් ජනරාල්වරයා වෙත ලිපියක් යොමු කර තිබේ.
එම ලිපියේ සඳහන් වන්නේ, අත්තනගල්ල ප්‍රාදේශීය සභා බල ප්‍රදේශය තුළ ‘පුටුව ලකුණින්’ මැතිවරණයට ඉදිරිපත් වන පොදුජන එක්සත් පෙරමුණෙහි යම් අපේක්ෂකයින් පිරිසක් ප්‍රදේශය පුරා සිය ඡායාරූප සහිත අත් පත්‍රිකාවක් මෙන්ම පෝස්ටර් ද අලවා ඇති බවට තමන්ට දැනගැනීමට හැකිවූ බවයි.
මෙවැනි පත්‍රිකාවක් බෙදා හැරීමට හෝ පෝස්ටර් මුද්‍රණයට තමන්ගේ කිසිදු අවසරයක් ලබා දී නොමැති බවත් ඒ බව පුටුව ලකුණින් තරග කරන ප්‍රදේශවල දේශපාලන නියෝජිතයින්ට මෙන් ම අපේක්ෂකයින්ට ද දැනුම්දී ඇති බව හිටපු ජනාධිපතිනිය පෙන්වාදෙයි.
තත්ත්වය එසේ තිබියදීත් අනවසරයෙන් තම නම සහ ඡායාරූපය භාවිත කරමින් මා ඔවුන්ට සහාය දෙන බව ප්‍රකාශ කිරීම මැතිවරණ නීතිය උල්ලංඝනය කිරීමක් හෙයින් එම කටයුත්ත වහාම නවතන ලෙසට කඩිනමින් පොදුජන එක්සත් පෙරමුණේ ප්‍රධානීන්ට දැනුම්දෙන ලෙස සහ අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරන ලෙස හිටපු ජනපතිනි කුමාරතුංග මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයාගෙන් වැඩිදුරටත් ඉල්ලා තිබේ.
එම ලිපිය පහතින්,
