/ Dec 17, 2025

අත්‍යවශ්‍ය ඖෂධ 17ක් ඇතුළු වියළි ආහාර ද්‍රව්‍ය තොගයක් ඉන්දියාවෙන්!

ඉන්දියානු රජයෙන් මෙරටට අත්‍යවශ්‍ය ඖෂධ වර්ග 17ක තොගයක් සහ කිලෝ 14,200 කට අධික වියලි ආහාර ද්‍රව්‍ය ප්‍රමාණයක් පරිත්‍යාග කෙරුණු අතර, ඊයේ(14) සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා වෙත ඉන්දියානු නියෝජ්‍ය මහකොමසාරිස් Dr. Satyanjal Pandey මහතා විසින් එම ඖෂධ තොගය නිල වශයෙන් භාරදෙනු ලැබීය.

ඉන්දියානු ගුවන් හමුදාවට අයත් විශේෂ ගුවන් යානයකින් මෙරටට ගෙනඑන ලද මෙම ඖෂධ තොගය පසුගිය දා සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ දී සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා සහ ඉන්දියානු මහකොමසාරිස් සංතෝෂ් ජා මහතා අතර පැවති විශේෂ හමුවේ දී අමාත්‍යවරයා කරනු ලැබූ ඉල්ලීමකට අනූව මෙරටට පරිත්‍යාග කෙරිණි.

ඖෂධ වර්ග 17කින් යුත් මෙම ඖෂධ තොගය ප්‍රධාන වශයෙන්ම හෘද රෝගී ප්‍රතිකාර සේවා, දියවැඩියාව සහ ඒ ආශ්‍රිත සංකූලතා කළමනාකරණයට මෙන්ම විවිධ රෝග සදහා භාවිතා කරනු ලබන ඖෂධවලින් සමන්විත වේ.

මෙහි දී අදහස් දක්වමින් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා කියා සිටියේ ආපදාවන්ට පත්වූ මෙරට ජනතාවට කාර්යක්ෂම ප්‍රතිකාර සේවාවක් ලබා දීමට මෙන්ම රජයේ රෝහල් පද්ධතියට ද මෙම ඖෂධ තොගය බෙහෙවින් ඉවහල්වන බවයි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top