සබරගමු පළාතේ අඩු ආදායම්ලාභී පුද්ගලයින්ගේ නිවාස ආධාර ඉල්ලීම් වෙනුවෙන් රුපියල් මිලියන 14ක මුදලක් වෙන් කර ඇති බව සබරගමු පළාත් ආණ්ඩුකාර චම්පා ජානකී රාජරත්න පැවසුවාය.
සමාජ සුබසාධාන, පරිවාස හා ළමාරක්ෂක ග්‍රාම සංවර්ධන සහ ග්‍රාමීය කර්මාන්ත අමාත්‍යංශයේ සමාජ සේවා අරමුදල මගින් ප්‍රදේශීය ලේකම් කොට්ඨාස මට්ටමින් මෙම ආධාර ලබා දෙන බවයි ආණ්ඩුකාරතුමිය සඳහන් කරන්නේ.
මේ වන විට අඩු ආදායම්ලාභී පුද්ගලයින් 26කට නිවාසාධාර ලබා දී අවසන් බවත් ඉතිරි අය සඳහා මුදල් චෙක්පත් තැපැල් මගින් යොමු කරන බවත් ඇය කියා සිටියා ය.
එසේම මෙම ප්‍රතිලාභ ලබා ගැනීමට අවශ්‍ය පිරිස් සමාජය තුළ සිටින්නේ නම් ලඟම ප්‍රදේශීය ලේකම් කාර්යාලයට ගොස් සමාජ සේවා නිළධාරී හමු වී ඊට ඉල්ලුම් කළ යුතු ආකාරය පිළිබඳව දැනුවත් වන ලෙසත් ආණ්ඩුකාරවරිය වැඩිදුරටත් දන්වා සිටී.