/ Jun 15, 2025

WHO සාමාජිකත්වය ගැන ට්‍රම්ප්ගෙන් තීරණයක්

US trade court blocks Trump's tariffs

එක්සත් ජනපදය ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් ඉවත් කිරීමේ නියෝගයට අමෙරිකානු නව ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් අත්සන් තබා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

අමෙරිකානු ජනාධිපතිවරයා අදාළ නියෝගය මගින් පවසා ඇත්තේ ගෝලීය සෞඛ්‍ය සංවිධානය කෝවිඩ් වසංගතය සහ අනෙකුත් ජාත්‍යන්තර සෞඛ්‍ය අර්බුද වැරදි ලෙස හසුරවා ඇති බවයි.

මෙම පියවර හේතුවෙන් එක්සත් ජනපදය මාස 12කින් එක්සත් ජාතීන්ගේ සෞඛ්‍ය සංවිධානයෙන් ඉවත් වන අතර එහි කටයුතු සඳහා වන සියලුම මූල්‍ය දායකත්වයන්ද නවතා දැමෙනු ඇතැයි සඳහන්.

එක්සත් ජනපදය ලෝක සෞඛ්‍ය සංවිධානයේ විශාලතම මූල්‍ය ආධාරකරුවා වන අතර එහි සමස්ත අරමුදල්වලින් 18%ක් එක්සත් ජනපදය විසින් දරනු ලැබේ.

ට්‍රම්ප් සිය පළමු ධුර කාලය තුළ ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් ඉවත් වීමේ ක්‍රියාවලිය ආරම්භ කළ අතර පසුව ජනපති ලෙස පත් වූ ජෝ බයිඩන් සිය ධුරයේ පළමු දිනයේදීම එම තීරණය අවලංගු කළේය.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top