මෙරට දේශපාලන ක්ෂේත්‍රයේ සෑහෙන කාලයක් ක්‍රියාකාරීව සිට ගාමිණී ලොකුගේ නම් දේශපාලකයා ඊයේ මිය ගියේ, වයස අවුරුදු 82ක සුවපහසු ජීවිතයක් ගෙවා දමා අවසානයේ ය.
ලොකුගේ 1943 මැයි 8 වැනි දා පිළියන්දලදී උපන්නේය. පිළියන්දල මධ්‍ය විද්‍යාලයෙන් සහ කෝට්ටේ ආනන්ද ශාස්ත්‍රාලයෙන් අධ්‍යාපනය හදරා ඇති ඔහු 1960 වර්ෂයේදී එක්සත් ජාතික පක්ෂයට එක් විය.
වසර 23ක දේශපාලන ගමනකින් පසු 1983දී ඔහු පළමුවරට කැස්බෑවෙන් පාර්ලිමේන්තු ආවේ ය. මෙරට භීම සමයක් ඔහු පාලක දක්ෂිණාංශික කඳවුරේ – ප්‍රධාන නගරයේ ප්‍රබල නියමුවෙක් විය. 1989 දී ඔහු සංචාරක අමාත්‍යවරයා ලෙසද කටයුතු කළේ ය.
ගාමිණී ලොකුගේ යන නම 88-89 යුගයේ බොහෝ තරුණ ඝාතන සම්බන්ධයෙන් ගෑවී තිබුණි. විජය කුමාරතුංග ඝාතනය සිදු වූයේ ඔහුගේ ගිනි අවියකින් බව කියැවුණු අතර සිදුවූ දෙයක් ඇත්තේ නැත. භීෂණ සමයේ සිදු කරන ලද බොහෝ අනීතික ඝාතන සම්බන්ධයෙන් එවක ලොකුගේගේ නම ගෑවී තිබුණේ ය.
මෙරට ඉතිහාසයේ පිළිකුල්සහගත ම සිදුවීමක් ලෙස සැලකෙන 1983 යාපනය පුස්තකාලය ගිනිබත් කිරීම සම්බන්ධයෙන් ගාමිණී ලොකුගේ වෙතද චෝදනා එල්ල විය.
කොළඹ නගරයේ විවිධ ප්‍රගතිශීලී ක්‍රියාකාරකම්වලට පහරදීම පිටුපස ලොකුගේ සිටි බව කියැවේ. කුප්‍රකට සිදුවීමක් වූ මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රට පහරදීමටද ඔහු සම්බන්ධ බව කියැවේ.
2006 වර්ෂයේදී ලොකුගේ දේශපාලකයා මහින්ද රාජපක්ෂ සමඟ දේශපාලන කටයුතු සඳහා අත්වැල් බැඳ ගත්තේ එජාපය අත්හැර දමා ය. 2020 වර්ෂය දක්වා ම එම එක්වීම විසින් ඔහුගේ දේශපාලනය ආරක්ෂා කරන ලදී. ඇමැතිකම් සහ වරප්‍රසාද ලැබු අතර ප්‍රබලයෙකු ලෙස ජීවත් විය.
කොරෝනා වසංගත සමයේ දේශපාලන බලය යොදාගෙන ලොක්ඩවවුන් කර තිබු පිළියන්දල ප්‍රදේශය විවෘත කිරීම නිසා කොරෝනා පැතිර ගිය බවට බරපතළ චෝදනාවක් ඔහුට එල්ල විය.
කෙසේ වෙතත්, දසක ගණනාවක් මෙරට දේශපාලනයේ ප්‍රබලයෙකු ලෙස වැජඹී උපරිමායුෂ භුක්ති විඳ ගාමිණී ලොකුගේ මිය ගොස් ඇත. මෙසේ ඔහු විසින් සිදු කරන ලද විවිධ අනීතික, අශිෂ්ඨ ක්‍රියා සම්බන්ධයෙන් නීතියෙන් හෝ වෙනත් නොපෙනෙන කර්මයකින් හෝ බලයකින් හෝ ඔහුට දඬුවමක් ලැබුණේ නැත.