/ Jul 13, 2025

අමෙරිකාව ලංකාවට පැනවූ නවතම තීරු බද්ද ගැන ජනපති ප්‍රධානත්වයෙන් සාකච්ඡාවක්

අමෙරිකා එක්සත් ජනපදය විසින් පනවනු ලැබ ඇති නව තීරුබදු ප්‍රතිපත්තිය සම්බන්ධයෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක සහ ශ්‍රී ලංකාවේ නියෝජිත කණ්ඩායම අතර විශේෂ සාකච්ඡාවක් අද (10) පෙරවරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේ දී පැවැත්විණි.

මෙම සාකච්ඡාවට, කම්කරු අමාත්‍ය සහ ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු, මුදල් අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම, මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ, වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමුපකාර සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් කේ. ඒ. විමලේන්තිරාජා සහ ජනාධිපති ජ්‍යෙෂ්ඨ ආර්ථික උපදේශක දුමින්ද හුලංගමුව යන මහත්වරු එක්ව සිටියහ.

ශ්‍රී ලංකාවෙන් ආනයනය කරන සියලු භාණ්ඩ සඳහා 30%ක අන්‍යෝන්‍ය තීරුබද්දක් පැනවීමට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් තීරණය කර තිබූ අතර ඊට අදාළ ලිපිය ධවල මන්දිරය විසින් ජනාධිපති අනුර කුමාර දිසානායක වෙත නිකුත් කර තිබුණි.

කෙසේ වෙතත් ශ්‍රී ලංකාව තම තීරුබදු ඉහළ දැමීමට පියවර ගතහොත්, එම ප්‍රතිශතයම දැනට පවතින 30% බද්දට එකතු කරන බවයි අමෙරිකානු ජනාධිපතිවරයා සිය ලිපිය මගින් වැඩිදුරටත් දැනුම් දී තිබුණේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top