/ Oct 19, 2025

රෝගී දරු පැටව් විකුණා කුඩු ගහන ජාවාරමක්

පිළිකා සහ වකුගඩු රෝගී දරුවන්ගේ ඡායාරූප යොදා ගනිමින් මුදල් ඉපැයීමේ ජාවාරමක් සම්බන්ධයෙන් සැකකරුවන් තිදෙනෙක් ඊයේ (16) අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වෙයි.

පිළිකා සහ වකුගඩු රෝගී දරුවන් සඳහා උපකාර අවැසි බව දන්වමින් ඔවුන්ගේ ජායාරූප යොදාගනිමින් මෙම පිරිස ව්‍යාජ ෆේස්බුක් ගිණුම් පවත්වාගෙන ගොස් ඇති බව හෙළි වී ඇත.

එම ව්‍යාජ පලකිරීම් වලට සංවේදී වන පිරිස් අදාළ බැංකු ගිණුම් වල මුදල් තැම්පත් කරන අතර ජාවාරම්කරුවන් එම මුදල් මත්ද්‍රව්‍ය භාවිතය සඳහා යොදාගෙන ඇතිබව අනාවරණය වී ඇත.

මෙලෙස සංසරණය වන අදාළ පෝස්ට් දැක දරුවන්ගේ ඥාතීන් ඒ පිළිබඳ සොයා බලා ඊට සටහන් තැබූ පුද්ගලයින් දැනුවත් කර ඇත්තේ තම දරුවාට උපකාර අනවශ්‍ය වන බවයි.

පරිත්‍යාග ලබාදුන් පුද්ගලයෙකු කළ පැමිණිල්ලකට අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අන්තර්ජාල ආවේක්ෂණ හා බුද්ධි  ඒකකය මගින් Facebook ආයතනයෙන් තාක්ෂණික දත්ත තොරතුරු ලබාගනිමින් ඊට අදාළ විමර්ශන පසුගියදා ආරම්භ කිරීමෙන් පසු වංචනික ලෙස ආධාර එකතු කරන පුද්ගලයින් කිහිප දෙනෙකුට අයත් facebook ගිණුම් 6ක් හඳුනා ගෙන ඇත.

 
මූලික විමර්ශනවලදී හෙළිව ඇත්තේ රෝගී වූ දරුවන්ට සුවය ප්‍රාර්ථනා කරමින් විවිධ පුද්ගලයින් තබන සටහන්වල තොරතුරු ලබාගනිමින්, ඊට ජාවාරම්කරුවන්ගේ බැංකු ගිණුම්ද ඇතුළත් කර සටහන් නිර්මාණය කරමින් මුදල් රැස්කර ඇති බවයි.

සැකකරුවන් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ලබන 23 වැනිදා දක්වා රක්ෂිත බන්ධනගාර ගත කෙරිණි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top