/ Jun 25, 2025

මල් පිහියෙන් දියණියගේ ගෙල කැපූ පියෙක්!

Girlfriend stabbed and filmed

කිතුල් මල් කපන තියුණු පිහියකින් තම දියණියගේ ගෙල කපා තුවාල කළ බවට සැකපිට පුද්ගලයෙකු අත්අඩංගුවට ගත් බව බුලත්සිංහල පොලිසිය පවසයි.

ඔහු අත්අඩංගුවට ගෙන ඇත්තේ අනියම් බිරියගේ නිවසේ රැඳී සිටියදී ය. තුවාල වූ 25 වියැති කත අම්බලන්ගොඩ තිලකපුර සිය ස්වාමියා සමඟින් පදිංචිව සිටින අතර වගා කටයුතු සඳහා සිය මිත්තණියගේ නිවසට පැමිණ සිටියදී මෙම සිදුවීම සිදුව තිබේ.අසල නිවසක අවමංගල්‍යක් වෙනුවෙන් සිය මිත්තණිය පියා සහ පියාගේ අනියම් බිරිය ආහාර පිළියෙල කරමින් සිට ඇති අතර බීමත් වූ පියා මිත්තිණියට පහරදීම වළකන්නට ගිය දියණියට පිහි පහර එල්ල කර තිබේ.

අගේ බෙල්ලට සහ පිට ප්‍රදේශයට කිතුල් මල් කපන පිහියෙන් පහරදුන් බවයි පොලිස් පැමිණිල්ලේ දැක්වෙන්නේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top