අල්ලස් කොමිසම විසින් හිටපු අමාත්‍යවරියක් වන චන්ද්‍රානි බණ්ඩාරට එරෙහිව කොළඹ මහාධිකරණය හමුවේ අධිචෝදනා ගොනුකර තිබේ.
ඇය ඇමැති ධුරය දරණ සමයේ නිසි ක්‍රියාපටිපාටිය අනුගමනය නොකර වියළි කලාප සංවර්ධන අමාත්‍යංශයේ ව්‍යාපෘති අධ්‍යක්ෂ ධුරයට අයෙකු පත් කිරීම සහ සිය හිතවතුන් පිරිසක් නීත්‍යානුකූල නොවන ආකාරයට විවිධ තනතුරුවලට පත් කිරීම සඳහා බලපෑම් කිරීම සම්බන්ධයෙන් චෝදනා නැගී තිබේ.
මෙම නඩුවේ සාක්ෂි සඳහා පුද්ගලයන් 8 දෙනෙක්ද නඩු භාණ්ඩ ලෙස ලේඛන 25ක්ද ඉදිරිපත් කර ඇතැයි ද වාර්තා වේ.