/ Dec 29, 2025

ආපදා බලපෑම් මැද ලබන වසරේ බිලියන හතරක සංචාරක ආදායම් ඉලක්කයක්!

ලබන වසරේ සංචාරක කර්මාන්තයෙන් ආදයම ලෙස බිලියන හතරක අදායමක් උපයා ගැනීමේ ඉලක්කයක් පවතින බව සංචාරක නියෝජ්‍ය අමාත්‍ය මහාචාර්ය රුවන් රණසිංහ පවසයි.

පසුගිය දිනවල ඇති වූ ගංවතුර සහ නාය යෑම් හේතුවෙන් නොවැම්බර් 29,30 සහ දෙසැම්බර් 01 යන දිනයන්හි සංචාරක පැමිණීමේ අඩුවීමක් පැවතියද නැවත සංචාරක පැමිණීම සිදුවන බව නියෝජ්‍ය අමාත්‍යවරයා කියාසිටියි.

අඩුවීමක් පැවතියේ ඉන්දියාවේ සිට පැමිණෙන සංචාරකයින්ගේ වන අතර යුරෝපයේ සහ වෙනත් රටවල සිට පැමිණෙන සංචාරකයින්ගෙන් නැවත කර්මාන්තය ආරම්භ වී ඇති බව රණසිංහ මහතා කියා සිටියේය.

” සංචාරක සීසන් එක තමයි දැන් පටන් ගන්නේ. අපි බලාපොරොත්තු වුණු පරිදි ලක්ෂ තුනකට සංචාරක පැමිණීම යන්න බැරිවුණාත් බලාපොරොත්තු වෙනවා දෙලක්ෂ හැටදහකට පමණ යන්න පුළුවන් වෙයි කියලා. මේක ඇත්තටම අපි විශේෂ අවස්ථාවක් විදියට පරිවර්තනය කරගත්තා ඉන්දියාව සහ වෙනත් රටවලත් ඉලක්ක කර ගනිමින් ප්‍රවර්ධන වැඩසටහනක් ලෝකය පුරා ක්‍රියාත්මක කරන්න. මේ වෙනකොට අපි ඒ සඳහා ක්‍රියාමාර්ග අරගෙන තියෙනවා. ඒ වගේම ශ්‍රී ලංකාව මේ ආපදා තත්ත්වය තුළින් නැවත නැගිටින විදිය සහ 67000ක් හිටිය සංචාරකයින් සීරීමක් නැතුව කොටුවෙලා හිටිය අය මුදාගන්න ආරක්ෂිත ස්ථානවලට රැගෙන යන්න වැඩිපුර නැවතිලා ඉන්න කාලය තුළ අය කිරීමකින් තොරව බලාගන්න සංචාරක ප්‍රවර්ධන අධිකාරිය සහ හෝටල් සංගම් එක්ව කටයුතු කළා. ඒ නිසා ලෝකේ හොඳ අවස්ථාවක් අපේ සත්කාරක සේවයට ලැබුණා. ඉදිරි වසරේදී අපි මේකත් එක්ක බලාපොරොත්තු වෙනවා අපි බලාපොරොත්තු වුන ලෙවල් එකට සංචාරක පැමිණීම ඉදිරි වසරේදී මිලියන තුනකට අධික සංචාරකයින් පැමිණීමක් සහ ඒ මගින් ඉපයීම ඩොලර් බිලියන හතරකට වැඩියෙන් ලබා ගන්න බලාපොරොත්තු වෙනවා. සතියක් විතර කාලයක් ඉන්දියාවෙන් පැමිණෙන එක විතරයි පොඩ්ඩක් අඩු වුණේ. සංචාරක පැමිණීලි ඇවිල්ල තිබ්බා 308ක් අපි ඒ 308ටම පුද්ගලිකව මැදිහත් වෙලා ඒ සඳහා ක්‍රියාත්මක වුණා. සුරක්ෂිතවම ඒ සංචාරකින් මුදවා ගත්තා. සුරක්ෂිතව ගෙවල්වලට, රටවල්වලට යන්න අවස්ථාව සලසා දුන්නා. ඇල්ලෙ සංචාරකයන්ට බලපෑමක් වෙලා නැහැ.

අවහිර වූ මාර්ග යළි ප්‍රවේශය විය හැකි ලෙස යථාවත් කර තිබෙන බවද නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.

”මේ ප්‍රදේශවල සංචාරකයින්ට සුරක්ෂිතව ඉන්න අවස්ථාව සලසලා තියෙනවා. විශාල වශයෙන් පවත්වාගෙන යන හෝටල්වලට කිසි ප්‍රශ්නයක් වෙලා නෑ.
උඩරට දුම්රිය මාර්ගයේ පුංචි අභියෝගයක් වෙලා තියෙනවා. විශාල සංචාරක ප්‍රමාණයක් බදුල්ලේ ඉන්නවා. මාර්ගය ඔස්සේ ඇල්ලට එනවා. කුඩා හෝටල්වලට තමයි බලපෑමක් වෙලා තියෙන්නේ.”
යනුවෙන් නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කරන ලදී.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top