වයඹ ජාතික අධ්‍යාපන විද්‍යාපීඨයේ දෙවැනි වසරේ ඉගෙනුම ලබමින් සිට දිවි නසාගත් සංජීවනී කුමාරි සිසුවියගේ මරණය සම්බන්ධයෙන් පූර්ණ පරීක්ෂණයක් කිරීමට උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යංශ්‍ය විසින් පරීක්ෂණ මණ්ඩලයක් පත් කර තිබේ.
නිවේදනයක් නිකුත් කරමින් එම අමාත්‍යංශය පවසන්නේ පරීක්ෂණ මණ්ඩල වාර්තාව ලැබු වහාම ඒ සම්බන්ධයෙන් සියලු පියවර ගන්නා බවයි. එයට අමතරව තම අමාත්‍යංශයේ නිලධාරියෙක් ස්ථානීය පරීක්ෂණයක්ද සිදු කරන බව එහි දැක්වේ.
මේ අතර සමස්ත ජාතික අධ්‍යාපන විද්‍යාපීඨ පද්ධතියේම පරිපාලන සහ අධ්‍යාපන කටයුතු සමාලෝචනය කර සිදු කළ යුතු වෙනස්කම් කඩිනමින් සිදු කරන බවද එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.