/ Oct 19, 2025

ජනපති සටනට පිවිසෙයි: විදුලියට ගැසට්ටුවක්!

විදුලිබල සැපයීම සම්බන්ධ සියලු සේවා අත්‍යාවශ්‍ය සේවාවන් බවට ප්‍රකාශයට පත්කරමින් ජනපති නියමයෙන් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

1979 අංක 61 දරන අත්‍යාවශ්‍ය මහජන සේවා පනතේ 2වන වගන්තිය ප්‍රකාරව ජනාධිපතිවරයාට පැවරී ඇති බලතල අනුව ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් ඊයේ (21) මෙම ගැසට් නිවේදනය නිකුත් කර තිබේ.

ලංකා විදුලි බල මණ්ඩලය කොටස් කිහිපයකට වෙන් කිරීමත් පෞද්ගලීකරණය කිරීමටත් සේවකයන් ඉවත් කිරීමටත් ආණ්ඩුව සූදානම් වන බව කියමින් පසුගිය දා විදුලි සේවකයන් විරෝධතා දක්වනු ලැබිණ.

ඒ අතර ජනාධිපතිවරයා දැඩිව කියා සිටියේ “අකුරට වැඩ කරනවා ලු, ලෙඩ නිවාඩු ගන්නවා ලු, ගන්න කියන්නකෝ. ගන්න කියන්න ඒගොල්ලන්ට. මෙහෙම වැඩ කරන්න බෑ,” යනුවෙනි.

ගැසට් නිවේදනය පහතින්,

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top