ජනතාව පීඩාවට පත්ව සියලුම ක්ෂේත්‍ර ආවරණය වන පරිදි සමාජ මාධ්‍ය නියාමනය සඳහා අවශ්‍ය කරන නීතියක් රට තුළ නොමැති අතර ඒ වෙනුවෙන් නීතියක් සම්පාදනය කළ යුතුව ඇතැයි සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස අද (22) පාර්ලිමේන්තුවේදී පැවසුවේය.
ආයුර්වේද නිෂ්පාදන සහ යම් ප්‍රතිකාර ක්‍රම සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය තුළ සිදුවන ප්‍රචාර සම්බන්ධයෙන් ලැබෙන පැමිණිලි පිළිබඳව අවධානය යොමුකරමින් අමාත්‍යවරයා මේ අබව සඳහන් කළේය.
එවැනි පැමිණිලි සම්බන්ධයෙන් පවතින නීතිය යටතේ කටයුතු කළ ඇති නමුත් සියලුම ක්ෂේත්‍ර ආවරණය වන පරිදි ජනතාව පීඩාවට පත් වන ආකාරයේ සමාජ මාධ්‍ය තුළ සිදු වන ප්‍රචාරණය නියාමනය කිරීමට සුදුසු නීති සම්පාදනය කළ යුතු බවටයි ඔහු පවසා සිටියේ.





